Hunter Valley මාරක බස් අනතුරේ රියදුරුට ඇප

පුද්ගලයන් 10 දෙනෙකුට මරු කැඳවු නිවු සවුත් වේල්ස් හන්ටර් වැලි මාරක බස් අනතුරේ රියදුරුට ඇප නියම වී තිබෙනවා.

58 හැවිරිදි ඔහු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා අද පෙරවරුවේ නියම කලේ.

මොහු විසින් මාර්ග නීති කිහිපයක්ම කඩ කර ඇති බව පැමිණිල්ල මෙහෙයවන විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කලා.

දැඩි මීදුම් තත්වය මෙන්ම අධික වේගය හමුවේ ඔහුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් එය පෙරළී ගොස් ඇති බවයි තවදුරටත් අනාවරණය කෙරුණේ.

පසුගිය ඉරිදා රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ 14 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.

ඉන් දෙදෙනෙකුගේ තත්වය අසාධ්‍ය බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »