විදේශිකයන් 2,500 කට ක්වීන්ස්ලන්ඩ් පොලිසියෙන් රැකියා අවස්ථා

ඉදිරි වසර 05 තුළදී වසරකට 500 දෙනෙකු බැගින් විදේශයන්ගෙන් සුදුසුකම් සහිත තැනැත්තන් බඳවා ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත පොලිසිය තීරණය කර තිබෙනවා.

පවතින උග්‍ර සේවක හිගය හමුවේ එම පියවර ගැනීමට සිදුවූ බවයි ඔවුන් නිවේදනය කර සිටින්නේ.

මෙලෙස බඳවා ගැනෙන පුද්ගලයන් ඔස්ට්‍රේලියානු පුරවැසියන් හෝ ස්ථිර පදිංචිකරුවන් වීම අනිවාර්ය වන්නේ නැහැ.

දැනටමත් විශාල පිරිසක් පුහුණුවෙමින් පැවතියද සේවක හිගය මගහරවාලීමට එය ප්‍රමාණවත් නොවන බවයි ක්වීන්ස්ලන්ඩ් පොලිසිය සඳහන් කරන්නේ.

මේ සඳහා ෆෙඩරල් රජයේ සහ ප්‍රාන්ත රජයේද අනුමැතිය ලැබී තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »