Search

ඉහළ යන ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානුවන් 1/4 ක් පීඩාවට

සෑම ඔස්ට්‍රේලියානුවන් 04 දෙනෙකුගෙන් අයෙකු ඉහළ යන ජීවන වියදම හමුවේ පීඩාවට පත්ව සිටින බව නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

ඉන්ධන සහ ආහාර මිළ ගණන් සීඝ්‍රයෙන් වැඩිවීම හමුවේ තමන්ට අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

මීට මාස කිහිපයකට පෙර සතියක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා ඩොලර් 150 ත් 200 ත් අතර වියදමක් දැරීමට සිදුවුවද මේ වනවිට එය ඩොලර් 400 ත් 500 ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයන් සඳහන් කර තිබෙනවා.

මෙම සමීක්ෂණයට සහභාගී වූ පාරිභෝගිකයන් අතුරින් සියයට 76 ක් පවසා ඇත්තේ විනෝදාස්වාදය සහ පිටතින් ආහාර ගැනීම වැනි දෑ සඳහා මුදල් වියදම් කිරීම අඩු කර ඇති බවයි.

එමෙන්ම සියයට 23 ක් පමණ දෙනා පුද්ගලික වාහන භාවිතය වෙනුවට පොදු ප්‍රවාහනයට පෙළඹී ඇති බවද මෙහිදී අනාවරණ වී තිබෙනවා.

මූල්‍ය වංචා ගැන ඔස්ට්‍රේලියාවේ සිටින ජාත්‍යන්තර සිසුන්ට දැඩි අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියාවේ සිටින ජාත්‍යන්තර සිසුන් වැඩි දෙනෙක් මේ දින වල නොයෙක් වංචනික මූල්‍ය ගණුදෙනුවලට රැවටී ඇති බව නවතම අධ්‍යනයක දී අනාවරණය වි තිබෙනවා.

Read More »

කටුනායකින් මෙල්බන් යන්න ගිය ශ්‍රී ලංකන් ගුවන් ගමනක් අවලංගු වෙයි

තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, පැය 11 ක් ප්‍රමාද කළ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් යානයක ගුවන් ගමන අවලංගු කර තිබෙනවා.

Read More »