
සිය ගුවන් යානා කාර්ය මණ්ඩල සඳහා පණවා තිබූ ඇතැම් දැඩි නීති රීති කිහිපයක් ලිහිල් කිරීමට ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙතෙක් ස්ත්‍රී සහ පුරුෂ ලෙස වෙනස්ව පැවති නීති රීති රැසක් අවලංගු කර පොදු එක් රීති මාලාවක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
රූපලාවන්‍ය භාවිතයට හෝ නොකිරීමට අවසර දීම – සමතල පතුළක් සහිත පාවහන් (flat shoes) පැළඳීමට අනුමැතිය හිමිවීම මෙන්ම දිගු කොණ්ඩයක් පවත්වාගෙන යාමට අවසර දීම යෝජිත සංශෝධන අතර වනවා.

දියමන්ති සහිත කරාබු පැළඳිය හැකිවීම මෙන්ම භාවිත කල හැකි අත් ඔරලෝසුවේ හැඩය සහ ප්‍රමාණයට පැවති සීමා ඉවත් කිරීමද ප්‍රධාන සංශෝධන අතරට අයත්.
කෙසේවෙතත් 2016 වසරේදී හඳුන්වාදෙනු ලැබූ ක්වන්ටාස් ගුවන් සේවක නිළ ඇඳුම තවදුරටත් වෙනසකින් තොරව පවත්වාගෙන යාමටයි නියමිතව ඇත්තේ.
