
වික්ටෝරියා ගිලන් රථ සේවය ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය තවමත් නියමිත ඉලක්කවලට පසුපසින් සිටින බව නවතම සෞඛ්‍ය දත්ත අනාවරණය කරනවා.
ජනවාරි – මාර්තු කාලයේදී ලැබුණු ඇමතුම් අතුරින් සියයට 85 කට පමණ විනාඩි 15 ක් ඇතුළතදී ප්‍රතිචාර දැක්වීමට ඔවුන් අපොහොසත් වී ඇති බවයි පැවසෙන්නේ.
Code-one හෙවත් හදිසි අවස්ථා 90,000 කදී වික්ටෝරියා ගිලන් රථ සේවය විසින් ප්‍රතිචාර දක්වා ඇත්තේ සියයට 65 කට පමණක් බව නවතම සංඛ්‍යාලේඛණ වාර්තා අනාවරණය කරනවා.

එය පසුගිය කාරතුවට වඩා සියයට 05 ක පමණ ඉහළයාමක් වීම විශේෂත්වයක්.
ඉදිරියේදී මෙම තත්වය තවත් ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බවයි වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ.

වික්ටෝරියා ගිලන් රථ සේවයේ ප්‍රමාදයන් හමුවේ පසුගිය වසරේදී මරණ 33 ක් සටහන් වී ඇතැයි මාස කිහිපයකට පෙර නිකුත් වූ වාර්තාවක සඳහන්.
මේ අතර වික්ටෝරියා රෝහල්වල සැත්කම් පොරොත්තු ලේඛණවල සිටින සංඛ්‍යාව 79,000 ක් හෙවත් සියයට 10 කට අඩුවී ඇති බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ.