Search

දකුණු ඔස්ට්‍රේලියා පොලිසියට 1,100 ක් බඳවා ගන්න යයි

ඉදිරි වසර 04 සඳහා අමතර පොලිස් නිළධාරීන් බඳවා ගැනීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය තීරණය කර තිබෙනවා.

මෙම සතියේදී ඉදිරිපත් කෙරෙන අයවැයෙන් ඩොලර් මිලියන 81 ක මුදලක් ඒ වෙනුවෙන් වෙන් කිරීමට නියමිතයි.

විශේෂ පුහුණුව ලත් පොලිස් නිළධාරීන් 189 ක් සහ පුහුණුවන නිළධාරීන් 900 කට ආසන්න පිරිසක් මේ යටතේ බඳවා ගැනෙනු ඇති.

සිරකරුවන් ප්‍රවාහනය වැනි විශේෂ ආරක්ෂාවක් සැපයෙන කටයුතු සඳහායි විශේෂ පුහුණුව ලත් පොලිස් නිළධාරීන් අනුයුක්ත කෙරෙන්නේ.

මේ අතර ඉදිරි වසර 03 සඳහා පොලිස් නිළධාරීන් පුහුණු කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 12 ක මුදලක් මෙවර දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමටද නියමිතව තිබෙනවා.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »