Search

නිවු සවුත් වේල්ස් රිය අනතුරකින් 10 ක් මරුට

නිවු සවුත් වේල්ස් හන්ටර් වැලි ප්‍රදේශයේදී සිදුවූ බස් අනතුරකින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

විවාහ මංගල උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි පිරිසක් ගමන් ගත් බස් රථයකුයි ඊයේ රාත්‍රී 11.30 ට පමණ මෙලෙස පෙරළී ගොස් තිබුණේ.

මෙහිදී තවක් 25 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ඉන් කිහිප දෙනෙකුගේ තත්වය අසාධ්‍ය බැවින් ඔවුන් ගුවන් මගින් සිඩ්නි දක්වා රැගෙන ගොස් ඇති බවද සඳහන්.

මෙම සිද්ධියට අදාළව බස් රථයේ රියදුරු ලෙස කටයුතු කල 58 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය තහවුරු කලේ.

මේ අතර මෙම ඛේදජනක සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කණගාටුවට පත්වන බව අගමැති ඇන්තනී ඇල්බනීස් ඇතුලු විශාල පිරිසක් සටහන් තබා තිබෙනවා.

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »