ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයාගේ උඩපන්දුව ගැන ආන්දෝලනාත්මක තත්වයක්

එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසාන මහා තරගයේදී ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් රැකගත් උඩපන්දුවක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්වයක් හටගෙන තිබෙනවා.

තරගයේ 04 වන දිනය වූ ඊයේ දිනයේදී ඉන්දීය ක්‍රීඩක ශුබ්මන් ගිල් ළකුණු 18 ක් ලබා සිටියදී දැවී ගියේ කැමරන් ග්‍රීන් විසින් උඩපන්දුවක් රැකගැනීමත් සමගයි.

කෙසේවෙතත් එම පන්දුව පොළවෙහි ස්පර්ශ වී ඇති බවටයි ඉන්දීය ක්‍රීඩකයන් සහ ක්‍රීඩා ලෝලීන් චෝදනා කරන්නේ.

තරග තීරක විසින් මෙය දැවී යාමක් බවට තීන්දු කලද සමීප දර්ශන අනුව එය දැවී යාමක් නොවන බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබෙනවා.

අද තරගයේ අවසාන දිනය වන අතර තරගය ජය ගැනීමට නම් ඉන්දියාව තවත් ළකුණු 280 ක් රැස්කල යුතු අතර කඩුලු 07 ක් ඉතිරිව පවතිනවා.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »