
ජීවන වියදම ඉහළයාමත් සමග ඔස්ට්‍රේලියානුවන් විසින් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කිරීම සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් තිබෙනවා.
ජනවාරි මාසයේදී ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් මෙරටදී සිදුකල මිළදී ගැනීම් ප්‍රමාණය ඩොලර් බිලියන 33.5 ක් බවයි ෆෙඩරල් සංචිත බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.
එය පසුගිය වසරේ අදාළ කාලය හා සැසඳීමේදී සියයට 17 ක හෙවත් ඩොලර් බිලියන 4.9 ක ඉහළයාමක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.

ක්‍රෙඩිට් කාඩ්පතක් නොමැතිව සිය වියදම් කළමණාකරණය අසීරු බවට ඔස්ට්‍රේලියානුවන් අතුරින් 1/4 ක් පසුගියදා සිදුකල සමීක්ෂණයකදී පවසා තිබුණා.
ඔස්ට්‍රේලියානුවන් විසින් වැඩිම වශයෙන් ක්‍රෙඩිට් කාඩ් භාවිත කරනු ලබන්නේ ආහාර ද්‍රව්‍ය මිළදී ගැනීම සඳහා බවද මෙහිදී අනාවරණය වුණා.

මේ අතර ආර්ථික විශේෂඥයන් විසින් උපදෙස් දෙන්නේ ක්‍රෙඩිට් කාඩ් හරහා සිදුකරන වියදම්වල උපරිම සීමාව හැකිතාක් අඩු අගයක පවත්වාගන්නා ලෙසටයි.