ප්‍රධාන බලශක්ති සමාගම් 02 ක විදුලි ගාස්තු වැඩි කරන දින ප්‍රකාශයට

ප්‍රධාන බලශක්ති සමාගම් 02 ක් විසින් විදුලි ගාස්තු වැඩි කරන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව AGL සහ ඔරිජින් එනර්ජි යන සමාගම් විසින් සියයට 20 ත් 29 ත් අතර අගයන්වලින් විදුලි ගාස්තු ඉහළ දමනු ඇති.

නිවු සවුත් වේල්ස් – දකුණු ඔස්ට්‍රේලියා සහ ක්වීන්ස්ලන්ඩ් හි ජූලි පළමුවනදා සිටද වික්ටෝරියා ප්‍රාන්තයේ අගෝස්තු 01 වනදා සිටද මෙලෙස විදුලි ගාස්තු වැඩි කිරීමට නියමිතයි.

වාර්ෂික විදුලි ගාස්තු ඩොලර් 341 ත් ඩොලර් 565 ත් අතර අගයකින් මෙහිදී වැඩිවීමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් අවම ආදායම් ලබන්නන් සඳහා සහන ගාස්තු ක්‍රමයක්ද ක්‍රියාත්මකයි.

Average price increases for residential customers on variable rate market contracts

NSW

VIC

QLD

SA

AGL

$540 (29.7%)

$341 (25.5%)

$447 (26.4%)

$565 (29.8%)

Origin Energy

$407 (21.1%)

$361 (25.5%)

$347 (21.6%)

$405 (24.2%)

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »