
ඔස්ට්‍රේලියාවේ ඇසුරුම්කරණ නීති දැඩි වෙනසකට ලක්කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ අනුව පහසුවෙන් ප්‍රතිචක්‍රීකරණය කල හැකි අමුද්‍රව්‍ය යොදාගැනීම වැඩි වශයෙන් සිදුකල යුතු වනවා.
ෆෙඩරල් සහ ප්‍රාන්ත සෞඛ්‍ය ඇමතිවරුන් විසින් පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි මෙම තීරණය ගෙන ඇත්තේ.

2025 වසර වනවිට අදාළ ඉලක්ක සපුරා ගැනීමට දැනට සැළසුම් කර තිබෙනවා.
නව රෙගුලාසිවලට අනුගත නොවන නිෂ්පාදකයන්ට ඉහළ දඩයක් පැණවීමට නියමිතයි.
