බටහිර ඔස්ට්‍රේලියාවේ ගබ්සා නීති සංශෝධනය කිරීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.
සති 04 කට ආසන්න කාලයක් 18,000 කට ආසන්න පිරිසකගේ අදහස් ලබාගැනීමෙන් අනතුරුවයි මෙම වෙනස්කම් සිදු කෙරෙන්නේ.
ගබ්සාවක් සිදුකිරීමේදී පූර්ව අනුමැතීන් ලබා ගැනීම සඳහා දැනට පවතින සංකීර්ණ ක්‍රමවේදය සරළ කල යුතු බවටයි බහුතරයක් අදහස් දක්වා ඇත්තේ.
අදහස් දක්වා ඇති පිරිසෙන් සියයට 90 ක් පමණ කාන්තාවන් බවද බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය සඳහන් කලා.
මෙම නව සංශෝධන ඉදිරියේදී බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතයි.