තනි රැකියාවකට වඩා කරන ඔස්ට්‍රේලියානුවන් මිලියනයකට කිට්ටුවෙයි

ඔස්ට්‍රේලියාව තුළ තනි රැකියාවකට වඩා නිරතවන පුද්ගලයන් සංඛ්‍යාව සියයට 6.6 ක් හෙවත් 947,000 කට ආසන්න වී තිබෙනවා.

එය පසුගිය දෙසැම්බර් කාර්තුවට වඩා 19,000 ක පමණ ඉහළයාමක් බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති දත්ත වාර්තාවල දැක්වෙන්නේ.

එමෙන්ම කොවිඩ් සමය ආරම්භයට වඩා එය 173,000 ක පමණ වැඩිවීමක් ලෙසයි තහවුරු වී ඇත්තේ.

මේ අනුව සෑම ඔස්ට්‍රේලියානුවන් 15 දෙනෙකුගෙන් අයෙකු රැකියා 02 ක් හෝ වැඩි ගණනක නිරත වන බව සඳහන්.

පවතින ආර්ථික තත්වය හමුවේ එක් රැකියාවකින් පමණක් ජීවන වියදමට මුහුණදීමට නොහැකිවීමයි මීට මූලික හේතුව වී ඇත්තේ.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »