බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

ඔස්ටේ්‍රලියානු ඵලදායිතා කොමිසම නිකුත් කල නවතම වාර්තාවේයි මේ බව දැක්වෙන්නේ.

මේ වනවට බාල අපරාධකරුවන් වැඩිම පිරිසක් සිටිනුයේ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රැඳවුම් මධ්‍යස්ථානවල බවයි මෙහිදී හෙළිවි ඇත්තේ.

2021-22 කාලසීමාවේදි ක්වීන්ස්ලන්ඩ් හි එක් දිනයකදී එලෙස දඩුවම් නියම කර ඇති බාල අපරාධකරුවන් ගණන 1,347 ක්.

මේ අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් ලබන මාසයේදී බාල අපරාධකරුවන් සම්බන්ධ නීති මාලාව සංශෝධනයකටද සුදානම් වනවා.

වාර්ෂිකව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත අයවැයෙන් තරුණ රැඳවුම් මධ්‍යස්ථාන වෙනුවෙන් වෙන් කරන මුදල ඩොලර් මිලියන 162 ක්.