සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

ඒ ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තය ස්වාධීන වෙනම රාජ්‍යයක් ලෙස කටයුතු කල යුතු බවට සික් ප්‍රජාව විසින් සෑම සති අන්තයකම පවත්වාගෙන යන මත විමසුම් හේතුවෙනුයි.

පසුගිය සති අන්තයේදීත් මෙවැනි මත විමසුමක් පැවති අතර අනතුරුව හටගත් ගැටුමක් හේතුවෙන් දෙදෙනෙකු අත්අඩංගුවටද ගෙන තිබුණා.

පසුගියදා ඔස්ටේ්‍රලියාවේ සංචාරයක නිරත වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද අගමැති ඇන්තනී ඇල්බනීස් ගෙන් ඉල්ලා තිබුණේ හින්දු සිද්ධස්ථානවල ආරක්ෂාව තර කරන ලෙසටයි.

2016 සිට මේ දක්වා ඔස්ටේ්‍රලියාවේ සික් ජාතිකයන් සංඛ්‍යාව සියයට 60 කින් ඉහළගොස් ඇති අතර මෙ වනවිට සමස්ත රට තුළ වාසය කරන සික් ජාතිකයන් ගණන 210,400 ක්.

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »

දේවස්ථානයේ පිහි ඇනුමට අත්අඩංගුවට ගත් පිරිමි ළමයාගෙන් ප්‍රකාශයක්

සිඩ්නි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනිමේ සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.

Read More »