බෙදා හැරීමට නොහැකි පාර්සල් ගැන Australia Post ගන්න යන අලුත්ම තීරණය

බෙදා හැරීමට නොහැකිවන පාර්සල් සම්බන්ධයෙන් ලබන්නා දැනුවත් කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට Australia Post සූදානම් වනවා.

ඒ අනුව මෙතෙක් නිවස අසළ තබා ගිය කාඩ්පත වෙනුවට ඩිජිටල් දැනුම් දීමක් සිදු කෙරෙනු ඇති.

බොහෝ දුරට එය ජංගම දුරකථන කෙටි පණිවිඩයක් හෝ ජංගම දුරකථන ඇප්ලිකේෂනය හරහා වන දැනුම්දීමක් (notification) විය හැකි බවටයි අනාවැකි පළවන්නේ.

වසර ගණනාවකට පසු Australia Post විසින් මෙහෙයුම් අලාභයක් වාර්තා කිරීමත් සමග මේ වනවිට දැවැන්ත ප්‍රතිසංස්කරණ මාලාවක් ආරම්භ කර තිබෙනවා.

මෙම මාසයේ අග භාගයේ සිට ක්‍රියාත්මක කෙරෙන මෙම නව සංශෝධනයද එහි එක් පියවරක් වනු ඇති.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »