
රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.
රියදුරන් 933 දෙනෙකු යොදාගෙන Finder ආයතනය විසින් සිදුකල අධ්‍යයනයකට අනුව අනාවරණය වන්නේ රියදුරන් අතුරින් සියයට 55 ක් පමණ ගතවූ මාස 12 තුළදී සිය රක්ෂණ වාරිකය ඉහළගොස් ඇති බවට අදහස් දක්වා ඇති බවයි.
සියයට 11 ක් ඒ පිළිබඳ දැනුවත් නොමැති අතර සියයට 06 ක් තමන් වාහන රක්ෂණාවරණයක් ගෙන නොමැති බවට පවසා තිබුණා.

වාහන රක්ෂණ වාරිකය ගෙවීම තමන් මුහුණදෙන ප්‍රධානම ගැටලු 03 න් එකක් බවට පවසා තිබූ ප්‍රතිශතය සියයට 09 ක්.
එමෙන්ම වාහන අමතර කොටස් මිළ ගණන් ඉහළයාමද රියදුරන්ගේ මූලික ගැටලු අතර වන බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.
