වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

11,000 කට ආසන්න පිරිසකට මේ සඳහා අයදුම් කල හැකි අතර අදාළ කාලසීමාව තුළ නවාතැන් – ආහාර සහ සංචාරක වියදම් සියල්ල වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් දරනු ඇති.

මේ හරහා regional ප්‍රදේශවල පවතින දැඩි ගුරු හිගය මග හරවා ගැනීමට හැකිවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඉදිරි වසර 02 පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 32.2 ක්.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් වික්ටෝරියා අධ්‍යාපන වෘත්තීය සමිතිද ප්‍රසාදය පළකර තිබෙනවා.