Search

ඔස්ට්‍රේලියාවේ මිලියනපතියන් 66 ක් බදු ගෙවා නෑ – ඉහළම බදු ගෙවන්නන් සිඩ්නිවල

ඔස්ට්‍රේලියාව තුළ ඩොලර් මිලියනයකට වැඩි ආදායමක් සහිත පුද්ගලයන් 66 දෙනෙකු 2020-21 මූල්‍ය වර්ෂය සඳහා කිසිදු බදු මුදලක් ගෙවා නොමැති බවට හෙළිකරගෙන තිබෙනවා.

අදාල බදු ගෙවීම් පැහැර හැරීම සඳහා ඔවුන් විසින් වැය කර ඇති මුදල ඩොලර් 219,000 ක් පමණ වන බවටයි තක්සේරු කර ඇත්තේ.

මෙම 66 දෙනාගේ වත්කමෙහි සාමාන්‍ය අගය ඩොලර් මිලියන 14.5 ක් පමණ වනවා.

2019-20 මූල්‍ය වර්ෂයේදී මිලියනපතියන් 60 කට ආසන්න පිරිසක් බදු ගෙවා නොතිබූ අතර ඔවුන්ගේ ආදායමෙහි සාමාන්‍යය ඩොලර් මිලියන 3.5 ක්.

මේ අතර ඔස්ට්‍රේලියාවේ ඉහළම බදු ගෙවන්නන් සිටින ප්‍රදේශ 10 න් 07 ක්ම අයත් වන්නේ සිඩ්නි නගරයට බවද බදු කාර්යාලයේ නවතම වාර්තාවල සඳහන්.

 
2028 NSW Double Bay $266,381
2030 NSW Dover Heights, HMAS Watson, Rose Bay North, Vaucluse, Watsons Bay $230,597
6011 WA Cottesloe, Peppermint Grove $229,805
3142 VIC Hawksburn, Toorak $222,967
3944 VIC Portsea $221,236
2023 NSW Bellevue Hill $218,902
2027 NSW Darling Point, Edgecliff, HMAS Rushcutters, Point Piper $218,528
2025 NSW Woollahra $212,881
2063 NSW Northbridge $191,225
2088 NSW Mosman, Spit Junction $188,324

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »