
ලබන සඳුදාට යෙදී ඇති රජුගේ උපන්දිනයත් සමග යෙදී ඇති දීර්ඝ සති අන්තයට සමගාමීව වැරදි සිදුකරන රියදුරන් සඳහා Double demerit points නියම කිරීම අද සිට ආරම්භ වනවා.
නියමිත වේගය ඉක්මවා රිය ධාවනය – ජංගම දුරකථන භාවිත කරමින් රිය පැදවීම – ආසන පටි නොපැළඳීම සහ යතුරු පැදි හිස්වැසුම් නොපැළඳීම ප්‍රධාන වැරදි අතර වනවා.
කෙසේවෙතත් එක් එක් ප්‍රාන්තය අනුව Double demerit points වෙනස් ආකාරයක් ගැනීම විශේෂත්වයක්.

නිවු සවුත් වේල්ස් සහ ACT ප්‍රාන්තවල අද සිට ලබන 12 වන සඳුදා මධ්‍යම රාත්‍රී 12 දක්වා නියම කෙරෙනු ඇති.
බටහිර ඔස්ට්‍රේලියාවේ රජුගේ උපන්දිනය සැමරීම සිදුවන්නේ සැප්තැම්බර් මාසයේදී බැවින් මෙම සති අන්තයේදී Double demerit points අය කිරීමක් සිදුවන්නේ නැහැ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මුලු වසර පුරාම Double demerit points නියම කිරීම සිදුවන බැවින් මෙම සති අන්තයේදී පමණක් විශේෂත්වයක් ගනු ලබන්නේ නැහැ.
වික්ටෝරියා – ටස්මේනියා – දකුණු ඔස්ට්‍රේලියා සහ Northern Territory ප්‍රාන්තවල කිසිදු ආකාරයකින් Double demerit points නියම කිරීමක් සිදුනොවන බැවින් මෙම සති අන්තයේදීත් සාමාන්‍ය පරිදි දඩ නියම කිරීම සිදුවනවා.