රජුගේ උපන්දින සති අන්තයේ අනවසර ගිණිකෙළි සඳහා $ 27,500 ක දඩයක්

රජුගේ උපන්දින සති අන්තය තුළදී නීති විරෝධී සහ අනවසර ගිණි කෙළි සංදර්ශන පවත්වන පුද්ගලයන්ට ඩොලර් 27,500 ක දඩයක් සහ වසරක සිර දඩුවමක් පණවන බවට ප්‍රාන්ත රජය අනතුරු අගවා සිටිනවා.

නිසි බලපත් නොමැතිව ගිණිකෙළි අලෙවි කරන – මිළදී ගන්නා – ගබඩා කර තබන – ප්‍රවාහනය කරන ඕනෑම අයෙකුට මෙම නීතිය බලාත්මකයි.

ඔවුන්ට කිසිදු සමාවක් නොමැති බවද දැනටමත් ලියාපදිංචි වී ඇති ඉසව් සංඛ්‍යාව 100 ක් පමණක් බවද ප්‍රාන්ත රජය සඳහන් කරනවා.

දීර්ඝ සති අන්ත යෙදී ඇති විවිධ උත්සව අවස්ථාවලදී විශේෂයෙන් සිඩ්නි නගරය ආශ්‍රිත නීති විරෝධි ගිණිකෙළි භාවිතයේ ඉහළයාමක් නිරීක්ෂණය වී තිබීමයි මීට හේතුව වී ඇත්තේ.

අනවසර ගිණි කෙළි භාවිතයෙන් නරඹන්නන්ට මෙන්ම දේපළවලට සිදුවන හානිය සළකා බලමිනුයි ප්‍රාන්ත රජය මෙම තීරණය ගෙන ඇත්තේ.

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »

දේවස්ථානයේ පිහි ඇනුමට අත්අඩංගුවට ගත් පිරිමි ළමයාගෙන් ප්‍රකාශයක්

සිඩ්නි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනිමේ සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.

Read More »