ඔස්ට්‍රේලියාවේ ඵලදායීතාවය වසර 60 කට පසු පහළම අගයට

ඔස්ට්‍රේලියාව තුළ ස්ථාපිත සමාගම් සහ ව්‍යාපාර රැසක ඵලදායිතාවය පහළගොස් තිබෙනවා.

මෙය යථා තත්වයට පත්කර නොගතහොත් ආර්ථික වර්ධනයට දැඩි බලපෑමක් වනු ඇති බවයි ආර්ථික විශ්ලේකයන් පෙන්වා දෙන්නේ.

ෆෙඩරල් රජයේ සංඛ්‍යාලේඛණ අනුව වසර 60 කට පමණ පසු කම්කරු ඵලදායිතාවය හෙවත් රැකියා කල පැය ගණන පහළයාමක් සටහන්වී තිබෙනවා.

ලොව සෙසු තරගකාරී ආර්ථිකයන් සහිත රටවලට වඩා ඔස්ට්‍රේලියාවේ ඵලදායීතාවය ඉතා පහළ මට්ටමක පවතින බවද නවතම දත්තවල සඳහන්.

පසුගිය මාර්තු කාර්තුවේදී ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය වර්ධනය වී ඇත්තේ පෙර කාර්තුවට වඩා සියයට 0.2 ක් වැනි ඉතා සුලු අගයකින් පමණක් බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශයද අනාවරණය කලේ.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »