Search

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

ඒ අනුව මෙල්බන් – බ්‍රිස්බන් සහ ගෝල්ඩ් කෝස්ට් දක්වා අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමටයි ඔවුන් සූදානමින් සිටින්නේ.

දැනට ඉදි කිරීම් අඩක් පමණ අවසන් කර ඇති බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ ගුවන් ගමන් මෙහෙයුම් 2026 වසරේ සිට ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

24 පැය පුරා කිසිදු අවහිරයකින් තොරව (no curfew) ක්‍රියාත්මක වන නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පළමු ගුවන් තොටුපළ බවටද එය පත්වනු ඇති.

මේ හරහා නව රැකියා 4,000 ක් පමණ බිහිවනු ඇති බවට තක්සේරු කර ඇති අතර සමස්ත ව්‍යාපෘතියට වෙන් කර ඇති මුදල ඩොලර් බිලියන 5.3 ක්.

වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 80 ක් පමණ බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළ භාවිතයට ගනු ඇති බවටද අනාවැකි පළවනවා.