
ඔස්ට්‍රේලියාව තුළ Pizza Hut අවන්හල් ජාලයේ හිමිකාරීත්වයෙහි වෙනසක් සිදුවී තිබෙනවා.
ඒ අනුව මෙතෙක් එහි කළමණාකාරීත්වය පවත්වාගෙන ගිය ඇලෙග්‍රෝ ෆන්ඩ්ස් විසින් අමෙරිකානු අවන්හල් සමූහයක් වන ෆ්ලින් අවන්හල් ජාලය වෙත එහි හිමිකාරීත්වය පවරා ඇති බව සඳහන්.
ෆ්ලින් අවන්හල් ජාලය විසින් අමෙරිකාවෙන් බැහැරව ආයෝජනයක් සිදුකල පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාව තුළ දැනට ක්‍රියාත්මක Pizza Hut අලෙවිසැල් 260 ම පරිපාලනය මින් ඉදිරියට ඔවුන් විසින් පවත්වාගෙන යනු ඇති.
වර්තමානය වනවිට අමෙරිකාව තුළ දැවැන්තම අවන්හල් ජාලය පවත්වාගෙන යනු ලබන්නේද ෆ්ලින් අවන්හල් ජාලය විසිනුයි.

Pizza Hut අවන්හල් 926 ක් ඇතුලු සමස්ත අලෙවි සැල් 2,350 ක් ද ඊට අයත්.