නිව් සවුත් වේල්ස් හි වෙසෙන ශ්‍රී ලාංකික පවුල පියාගේ මරණයෙන් පසු පිටුවහල් කිරීමකට මුහුණ දී තිබේ.

නිව් සවුත් වේල්ස් හි වෙසෙන ශ්‍රී ලාංකික පවුල පියාගේ මරණයෙන් පසු පිටුවහල් කිරීමකට මුහුණ දී තිබේ.

Sri Lankan family living in Kempsey facing deportation following father’s death.

මීට වසර කීපයකට පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි රාජ් උඩවත්ත පසුගිය දිනක පිළිකාවක් වැළඳී මිය ගොස් ඇත​. ඔහු ඇතුළු පවුලේ සැම තාවකාලික වීසා(457) කාණ්ඩය යටතේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය නගරයක් වන Kempseyහි ජීවත්ව ඇත​.

මූලික වීසා බලපත්‍රලාභියා වූ ඔහු කාර්මික ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇති අතර බිරිඳ ෆ්ලෝරන්ස් උඩවත්ත ද ප්‍රදේශයේ සමාජ සේවා කටයුතු වලට නිරතුරුව සම්බන්ධව කටයුතු කර ඇත​. ඔවුන් ගේ දරුවන් පාසැල් අධ්‍යාපනය ලබමින් සිටින අතර ඔවුන් ද විශේෂ දක්‍ෂතා සහිත දරුවන් වේ.

උඩවත්ත මහත්මයා රෝගාතුරව සිටි බැවින් ඔවුන් ගේ වීසා බලපත්‍රයේ ප්‍රධාන අවශ්‍යතාවයක් වන රැකියාවක් කිරීමට ඔහුට නොහැකි විය​. ඒ නිසා ඔවුන්ව පිටුවහල් කර යැයි බියෙන් ෆ්ලෝරන්ස් උඩවත්ත ආරක්‍ෂක වීසා බලපත්‍ර සඳහා ඉල්ලුම් කළාය​.

නමුත් මසකටත් අඩු කාලයකදී ආගමන දෙපාර්තමේන්තුව උඩවත්ත මහත්මියට දැනුම් දුන්නේ ඇගේ ආරක්‍ෂක වීසා බලපත්‍ර අයදුම්පත් ප්‍රතික්‍ෂේප කර ඇති බවයි. ඒ වන විට රාජ් මිය ගොස් තිබුණි. එම තීරණයට අනුව අභියාචනයක් ඉදිරිපත් කිරීමට හෝ රට හැර යාමට ඇයට මාසයක් ලබා දුන්නේය.

“මම කම්පනයට පත්ව සිටිමි. අපට කුමක් සිදුවේදැයි මට තේරුම් ගත නොහැක,” ඇය පැවසුවාය.

නිවේදනයක් නිකුත් කරමින් ආගමන, පුරවැසිභාවය, සංක්‍රමණ සේවා සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය Alan Tudge උඩවත්ත පවුලට සිය “ගැඹුරු අනුකම්පාව” ප්‍රකාශ කළේය.

සංක්‍රමණ පනත තුළ “සානුකම්පිත හා බලගතු සිද්ධීන් සම්බන්ධයෙන් කටයුතු කිරීම” සඳහා “යාන්ත්‍රණ” පවතින බව පැවසූ ඔහු, මෙම අවස්ථාවෙහිදී තවදුරටත් අදහස් දැක්වීම සුදුසු නොවන බව ඔහු පැවසීය.

(උපුටා ගැනීම​: ABC News)

 

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »