ඔස්ට්‍රේලියා – ඉන්දියා ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගය අද ඇරඹේ

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගය එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වනවා.

2021 – 2023 වසරවලදී කණ්ඩායම් 09 ක් සහභාගී වූ ටෙස්ට් තරග ප්‍රතිඵල මත ප්‍රසාද ලකුණු සටහනට අනුව පළමු සහ දෙවන කණ්ඩායම් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තා.

ඒ අනුව පළමු ස්ථානය ලබාගත් ඔස්ට්‍රේලියාව තරග 19 න් 11 ක් ජයගත් අතර ඉන්දියාව තරග 18 න් 10 ක් ජයගෙන දෙවන ස්ථානයට පත්වුණා.

මෙම තරගය ජයගන්නා කණ්ඩායම පිළිබඳව හිටපු සුපිරි ක්‍රිකට් තරු 05 ක් පළකළ අනාවැකියක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුවී තිබෙනවා.

රිකී පොන්ටින්, රවී ශාස්ත්‍රී, වසීම් අක්‍රම්, ඉයන් බෙල් සහ රොස් ටේලර් යන ක්‍රීඩකයින් විසිනුයි එම අනාවැකිය පළකර ඇත්තේ.

මෙම ක්‍රීඩකයින් 05 දෙනා අතරින් 03 දෙනෙකුම පවසා ඇත්තේ ටෙස්ට් ලෝක ශූරතාවය ඔස්ට්‍රේලියාව විසින් ජයගනු ඇති බවයි.

ඔස්ට්‍රේලියා හිටපු සුපිරි ක්‍රීඩක රිකී පොන්ටින්, පකිස්තානයේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම් සහ නවසීලන්ත හිටපු සුපිරි පිතිකරු රොස් ටේලර් මෙලෙස ඔස්ට්‍රේලියාව ජයගන්නා බවට අනාවැකි පළකර තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දියාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩකයෙකු වන රවී ශාස්ත්‍රී එහිදී අනාවැකි පළකර ඇත්තේ තරගයේ ප්‍රථමයෙන් ඉදිරියට එන කණ්ඩායමට වැඩි වාසි අත්විය හැකි බවයි.

එසේම එංගලන්ත හිටපු සුපිරි ක්‍රීඩක ඉයන් බෙල් පවසා ඇත්තේ පන්දුවට හොඳින් පහරදෙන කණ්ඩායමට තරගයේ වැඩි වාසි අත්විය හැකි බවයි.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »