ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ‘2021 වසරේ​ ඕස්ට්‍රේලියානුවා’’ ලෙස ශ්‍රී ලංකාවේ උපත ලද​ වෛද්‍ය දිනේෂ් පලිපාන නම් කෙරේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ‘2021 වසරේ ඕස්ට්‍රේලියානුවා’’ ලෙස ශ්‍රී ලංකාවේ උපත ලද​ වෛද්‍ය දිනේෂ් පලිපාන නම් කෙරේ.

SL born doctor named Queensland’s Australian of the year 2021.

ශ්‍රී ලංකාවේ උපත ලැබූ වෛද්‍ය දිනේෂ් පලිපාන ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත බලධාරීන් විසින් ‘2021 වසරේ​ ඕස්ට්‍රේලියානුවා’’ ලෙස නම් කර ඇත. 36 හැවිරිදි දිනේෂ් පලිපාන ඔස්ට්‍රේලියාවේ ඕ.එම්.ඒ. (OMA) ගෝල්ඩ් කෝස්ට් විශ්වවිද්‍යාල රෝහලේ නේවාසික වෛද්‍යවරයකු වන අතර මෑතකදී සිය නීති උපාධියද අවසන් කළ අයෙකි.

රෝද පුටුවක රැඳී සිටිමින් සිය එදිනෙදා කටයුතු සිදුකරන වෛද්‍ය දිනේෂ් පලිපාන ගෝල්ඩ් කෝස්ට් ටයිටන්ස් ආබාධ සහිත වූවන්ගේ රග්බි කණ්ඩායමේ නිල වෛද්‍යවරයා ලෙසද කටයුතු කරයි.

වෛද්‍ය පලිපාන සිය දේශන මගින් අන්තර්ජාතික සබඳතා ගොඩනගාගෙන ඇති අතර ඔස්ට්‍රේලියාවේ කොඳුඇටපෙළ ආශ්‍රිත රෝග සඳහා කෙරෙන පර්‌යේෂණ වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දී ඇත. පසුගිය ජනවාරි මාසයේදී පැවැති ජාතික ඔස්ට්‍රේලියානු දින සම්මාන උළෙලට සමගාමීව ක්වීන්ස්ලන්තයේ ප්‍රාන්ත අගමැති Annastacia Palaszczuk විසින් වෛද්‍ය පලිපාන වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක්ද සිදු කළාය.

‘‘දිනේෂ් පලිපාන කිසිදු බාධකයක් නොදන්නා පුද්ගලයෙකි. ඔහු සැබැවින්ම ආනුභාවසම්පන්න පුද්ගලයෙකි. ඔස්ට්‍රේලියාවේ ආබාධිත වෛද්‍යවරුන්ගේ සමාරම්භකයා වශයෙන් ඔහු වෛද්‍ය අධ්‍යාපනය සහ රැකියාව ද ඇතුළත්ව ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කර ගැනීම සඳහා විශාල මෙහෙයක් සිදුකර ඇත.’’ යැයි Annastacia එහිදී පවසා තිබේ.

(අරුණ පුවත්පත)

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »