
ඔස්ට්‍රේලියාවේ ආර්ථික අවධානම් තත්වය අපේක්ෂා කල මට්ටමට වඩා සියයට 220 කින් පමණ ඉහළ අගයක පවතින බව අනාවරණය වී තිබෙනවා.
2007-2008 කාලසීමාවේදී ගෝලීය ආර්ථික අවපාතය පැවති සමයෙන් පසු මෙතරම් ඉහළ අගයකින් එම දර්ශකය ඉහළ ගිය පළමු අවස්ථාව මෙයයි.
එම අවස්ථාවේදී පවා ආර්ථික අවධානම ඉහළ ගොස් තිබුණේ සියයට 62 ක් වැනි අගයකිනුයි.

උද්ධමනය – පොළී අනුපාතික සහ විරැකියාව යන සාධක සළකා බලා මෙම දර්ශකය සකස් කිරීම ආරම්භ කෙරුණේ 1960 දශකයේ සිටයි.
මෙල්බන් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයන්ට අනුව මෙම දර්ශකය තවත් වසර කිහිපයක් පුරා ඉහළ අගයක පවතිනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.

ජූනි මාසයට අදාළ පොළී අනුපාතික අගයන් පිළිබඳ ෆෙඩරල් සංචිත බැංකුව විසින් හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබියදී මෙම වාර්තාව නිකුත් වීමද විශේෂත්වයක්.
ආර්ථික පුරෝකථනවල දැක්වෙන්නේ දැනට සියයට 3.85 ක්ව පවතින cash rate අගය සියයට 04 ඉක්මවා යන තීරණයක් හෙට දිනයේදී ෆෙඩරල් සංචිත බැංකුව විසින් ගනු ඇති බවයි.