පසුගිය මූල්‍ය වර්ෂයේදී සයිබර් අපරාධ පැමිණිලි 76,000 ඉක්මවයි

ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයට පසුගිය මූල්‍ය වර්ෂයේදී ලැබුණු සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස් තිබෙනවා.

එය පෙර වසර හා සැසඳීමේදී සියයට 13 ක ඉහළයාමක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

සෑම විනාඩි 07 කටම වරක් කුමන හෝ සයිබර් අපරාධයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබෙන බව මේ අනුව තහවුරු කරගෙන තිබෙනවා.

සොරාගන්නා ලද දත්ත අයථා ක්‍රියා සඳහා භාවිත කරන බවට සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් අනතුරු අගවා සිටීම මින් ප්‍රමුඛ වී ඇති බවයි ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ.

එක් සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් කුඩා පරිමාණ ව්‍යාපාරයකට ඩොලර් 40,000 ක් – මධ්‍යම පරිමාණ ව්‍යාපාරයකට ඩොලර් 62,000 ක් සහ මහා පරිමාණ ව්‍යාපාරයකට ඩොලර් 88,000 ක පිරිවැයක් දැරීමට සිදුවන බවද තහවුරු කරගෙන තිබෙනවා.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »