Search

කටුනායක සිද්ධිය ගැන අජාන් හිමි ඔස්ට්‍රේලියාවේදී කරුණු පහදයි

තමාට කටුනායක ගුවන් තොටුපළේදී මුහුණදීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව පූජ්‍ය අජාන් බ්‍රහ්මවංශ හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මින් ඉදිරියට එවන් වැරදි අතපසුවීමේ සිදුවීම් නොවන පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා පියවර ගතයුතු බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති දේශනයකදී පූජ්‍ය අජාන් බ්‍රහ්මවංශ හිමියන් මෙම අදහස් පළකර තිබෙනවා.

ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික දේශකයාණන් වහන්සේ නමක වන පූජ්‍ය අජාන් බ්‍රහ්මවංශ හිමියන් ශ්‍රී ලංකාවේ දේශන කිහිපයකට පැමිණ යළි පිටව යාමේදී කටුනායක ගුවන් තොටුපළේදී පැය 12 කට ආසන්න කාලයක් රැඳී සිටීමට සිදුව තිබුණා.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඊට වගකිවයුතු නිළධාරීන්ට එරෙහිව පියවරක් ගන්නැයි ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබු බව සඳහන්.

ඒ පිළිබඳ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති දේශනයකදී උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ මෙම සුළු සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් කිරීම වෙනුවට සිදුකළ යුත්තේ මෙලෙස අත්වැරදීම් සිදුවීම මග හරවා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීම බවයි.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »