
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය තුළ rent bidding ක්‍රමය තහනම් කිරීමට අදාළ නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
කුළියට නිවාස ඇති බවට දැන්වීම් පළ කිරීමේදී තනි මිළක් වෙනුවට අගයන් පරාසයක් ප්‍රදර්ශනය මේ අනුව නිවාස හිමියන්ට තහනම් වනු ඇති.
නිවාස කුළී අසීමිත ලෙස ඉහළයාම ලෙස වළක්වාලීමයි එහි අරමුණ වී ඇත්තේ.

කෙසේවෙතත් මේ හරහා නිවාස වෙළඳපොළ තවත් කඩාවැටිය හැකි බවටයි නිවාස හිමියන් චෝදනා කරන්නේ.
මේ වනවිට ඇඩිලේඩ් නගරයේ සතියක සාමාන්‍ය නිවාස කුළිය ඉතිහාසයේ ඉහළම අගය සටහන් කර ඇත්තේ ඩොලර් 450 ක් ලෙසයි.
