Search

වැඩිම වියදම් ACT ප්‍රාන්තයෙන්

පෙබරවාරි මාසයෙන් අවසන්වූ මාස 12 ක කාලයේදී වැඩිම වියදම් සිදුකල ප්‍රාන්තය බවට ACT පත්වී තිබෙනවා.

2022 වසරේ පෙබරවාරි මාසය හා සැසඳීමේදී එහි ඉහළයාම සියයට 15 ක් ලෙසටයි තක්සේරු කර ඇත්තේ.

ප්‍රවාහන වියදම් සියයට 24.2 කින් සහ හෝටල් – කැෆේ සහ අවන්හල් ආශ්‍රිත වියදම සියයට 22.5 කින් ඉහළගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කරන්නේ.

වසරේ මේ දක්වා කාලය තුළ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය හැර අනෙකුත් සෑම ප්‍රාන්තයකම වියදම් ප්‍රමාණය අඩුවී තිබීම විශේෂත්වයක්.

වැඩිම වියදම් කප්පාදුව සටහන් වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ වන අතර ජනවාරියේ පැවති සියයට 19.7 හා සැසඳීමේදී පෙබරවාරි මාසයේදී එය සියයට 11.1 ක් දක්වා අඩුවී තිබෙනවා.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »