Search

වසරක් පුරා සති අන්තයේ සිඩ්නි දුම්රිය ප්‍රමාදයන් සහ අවලංගු කිරීම්

සිඩ්නි ඉතිහාසයේ දැවැන්තම දුම්රිය මාර්ග නඩත්තු වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

ඒ අනුව ඉදිරි වසරකට ආසන්න කාලයේදී සෑම සති අන්තයකම පාහේ දුම්රිය ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් අපේක්ෂා කල හැකි බවයි ප්‍රවාහන බළධාරීන් දන්වා සිටින්නේ.

සතියේ දිනවලද නඩත්තු කටයුතු සිදු කෙරුණද මගීන්ට අවම බලපෑමක් ඇතිවන අයුරින් එම කටයුතු සිදු කරන බව නිවු සවුත් වේල්ස් ප්‍රවාන අංශ අවධාරණය කරනවා.

මෙම සමස්ත වැඩපිළිවෙල සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 97 ක්.

සැළකිය යුතු කාලයකින් නිසි නඩත්තුවක් සිදු නොකිරීම හමුවේ සිඩ්නි දුම්රිය මාර්ග පද්ධතියේ දෝෂ ගණනාවක් හටගෙන ඇති බව පසුගියදා අනාවරණය වුණා.

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »