Search

දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ තුළ රෝගීන් ගත කරන කාලය නැවතත් ඉහළට

දකුණු ඔස්ට්‍රේලියානු ගිලන් රථ තුළ රෝගීන් ගත කරන කාලය නැවතත් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී එය සියයට 5.8 කින් වැඩිවී ඇති බවයි නවතම සංඛ්‍යාලේඛණ වාර්තා පවසන්නේ.

ඒ අනුව පසුගිය මාසය තුළදී රෝහල් වෙත ඇතුළත් කිරීමට පෙර රෝගීන් විසින් ගිලන්රථ තුළ ගත කර තිබූ කාලය පැය 2,972 ක්.

කෙසේවෙතත් පසුගිය සමයේ අඩාල වි තිබූ ගිලන් රථ ප්‍රතිචාර දැක්වීමේ කාලය මේ වනවිට සියයට 68 කින් පමණ ඉහළගොස් තිබෙනවා.

ඒ අනුව හදිසි රෝගීන් සඳහා ප්‍රතිචාර දැක්වීම විනාඩි 08 ක් දක්වා අඩුවී ඇති බවයි දකුණු ඔස්ටේ්‍රලියා සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »