ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන ග්‍රීෂ්ම සෘතුවේ පකිස්ථානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය තමන් ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගාවලිය වනු ඇති බවයි ඔහු සඳහන් කලේ.

අනතුරුව බ්‍රිස්බන් සහ ඇඩිලේඩ් හි පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලියට තම දායකත්වය හිමි නොවන බවත් වෝර්නර් තහවුරු කලා.

ඔස්ට්‍රේලියා ව වෙනුවෙන් ටෙස්ට් තරග 103 කට ක්‍රීඩා කර ඇති ඩේවිඩ් වෝනර් රැස්කර ඇති ටෙස්ට් ළකුණු සංඛ්‍යාව 8,158 ක්.

ඒ අනුව ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ළකුණු ලාභීන් අතර 07 වැන්නා බවටද ඔහු පත්ව සිටිනවා.

ලබන සැප්තැම්බර් මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානය මෙන්ම ලබන වසරේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලානයෙන් අනතුරුව සමස්ත ක්‍රිකට් ක්ෂේත්‍රයෙන් සමුගැනීමට බලාපොරොත්තු වන බවයි ඩේවිඩ් වෝනර් කියාසිටියේ.

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »

පාස්කු නිවාඩුවට එළියට යන අයට Google Maps ගැන දැනුම්දීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මෙන්ම ඉන් පිටත සංචාරය කරන විට Google මැප් මත පමණක් විශ්වාසය තබා කටයුතු නොකරන ලෙසට බලධාරීන් සංචාරකයින්ට දැනුම් දෙනවා.

Read More »

දිනකට ආහාර වේල් බිලියනයක් කුණු බක්කියට

ලොව පුරා පුද්ගලයින් මිලියන 800ක් කුසගින්නේ පසුවද්දී දිනකට ආහාර වේල් බිලියනයකට වැඩි ප්‍රමාණයක් මිනිසුන් අපතේ හරින බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »
Requested file could not be found (error code 404). Verify the file URL specified in the shortcode.