Search

ලාංකික වෛද්‍යවරයා ඔස්ට්‍රේලියාවේදී ඡන්ද සටනට

ගොල්ඩ් කෝස්ට් ෆැඩන් ආසනයේ අතුරු මැතිවරණය සඳහා ලිබරල් පක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා තෝරා ගැනීමේ සටනට ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන දිනේෂ් පලිපාන ද ඉදිරිපත් වී සිටිනවා.

හිටපු අමාත්‍යවරයෙකු වන ස්ටුවට් රොබට් ඉල්ලා අස්වීම හේතුවෙනුයි මෙම අසුන පුරප්පාඩු වූයේ.

අදාළ අතුරු මැතිවරණ ඡන්ද විමසීම ලබන මාසයේදී පැවැත්වෙන අතර වෛද්‍ය දිනේෂ් පලිපාන ඇතුලු 05 දෙනෙකු අපේක්ෂකත්වය වෙනුවෙන් ඉදිරිපත් වී සිටිනවා.

ව්‍යාපාරික කාන්තාවක – හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු සහ මූල්‍ය උපදේශකයන් දෙදෙනෙකු අනෙක් තරගතරුවන් වනවා.

වෛද්‍ය දිනේෂ් පලිපාන රෝද පුටුවක ආධාරයෙන් සිය වෘත්තියේ නිරත වන අතර ඔහු ක්වීන්ස්ලන්ඩ් රෝහලක හදිසි ප්‍රතිකාර අංශයේයි සේවය කරනු ලබන්නේ.

ලබන මස පැවැත්වෙන අතුරු මැතිවරණයට තරග කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න අද පස්වරුවේ තීරණය කෙරෙනු ඇති.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »