
සතියක් තුළ 03 වන වරටත් මෙල්බන් නගරයට භූ චලනයක් හටගෙන තිබෙනවා.
අද දහවල් 12 න් පසු මෝර්නින්ග්ටන් ප්‍රදේශය ආශ්‍රිතව රික්ටර් මාපකයේ ඒකක 2.4 ක සුලු භූ චලනයක් වාර්තා වී ඇති බවයි භූ විද්‍යා අංශ සඳහන් කලේ.
එය පොළව අභ්‍යන්තරයේ කිලෝමීටර් 08 ක පමණ ගැඹුරකින් හටගෙන ඇති බවද සඳහන්.

පසුගිය 29 වනදා රාත්‍රී 11.40 ට පමණ සන්බරි ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් ඒකක 3.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හටගැණුනා.
අනතුරුව බොරෝනියා ප්‍රදේශය ආශ්‍රිතව ඒකක 2.3 ක කම්පනයක් වාර්තා වී තිබුණේ පසුගිය 30 වනදායි.
