
පුද්ගලික පාසල් 110 ක් payroll tax සඳහා ඇතුළත් කිරීමට ඉදිරිපත් කල යෝජනාව වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් හකුළාගෙන තිබෙනවා.
එක් සිසුවෙකුගෙන් ඩොලර් 7,500 කට වඩා අය කරන පාසල් සඳහායි මෙම නව නියමය පැණවීමට යෝජනා වී තිබුණේ.
අදාළ පාසල් සඳහා ලබාදී තිබූ බදු සහනය ඉවත් කිරීමට පසුගිය සතියේදී ඉදිරිපත් කෙරුණු ප්‍රාන්ත අයවැයේදී යෝජනා කර තිබුණා.

වසර 03 කදී ඩොලර් මිලියන 422 ක මුදලක් එක් රැස් කරගැනීමයි එහි අපේක්ෂාව වූයේ.
කෙසේවෙතත් මෙම යෝජනාව සඳහා දැඩි විරෝධයක් එල්ල වූ අතර ඒ අනුවයි එම යෝජනාව ඉවත් කරගැනීමට ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් කටයුතු කර ඇත්තේ.
