ගෝල්ඩ් කෝස්ට් sea world ආසන්න ගුවන් කලාපය පිළිබඳ සමාලෝචනයක්

ගෝල්ඩ් කෝස්ට් sea world ආසන්න ගුවන් කලාපය පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීමට ඔස්ට්‍රේලියානු සිවිල් ගුවන් සේවා ආරක්ෂණ අධිකාරිය තීරණය කර තිබෙනවා.

ගුවන් නියමුවන්ගෙන් සහ ගුවන් යානා ක්‍රියාකරුවන්ගෙන් ඊට අදාළව අදහස් හා යෝජනා ලබාගැනීමට නියමිතයි.

පසුගිය ජනවාරි 02 වනදා මෙම ස්ථානයේදී හෙලිකොප්ටර් යානා 02 ක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 04 දෙනෙකු මරණයට පත්වුණා.

මූලික විමර්ශනයේදී අනාවරණය වූයේ නියමුවන් දෙදෙනාට එකිනෙකා නිසි ලෙස දර්ශනය නොවීම ද අනතුරට එක් හේතුවක් බවයි.

ඒ අනුව sea world ආශ්‍රිත ගුවන් කලාපය පිළිබඳ පසු විපරමක් සිදුකර කිසියම් සංශෝධනයක් සිදුකිරීමට අවශ්‍ය නම් සිදුකිරීම මෙම සමාලෝචනයේ අරමුණ වී තිබෙනවා.

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »