ඉන්දියාවේ දුම්රිය තුනක් ගැටී 207 ක් මරුට – 900 කට තුවාල

ඉන්දියාවේ දුම්රිය තුනක් ගැටීමෙන් 207 දෙනෙකු මියගොස් තවත් 900 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අනතුරින් මියගිය සහ තුවාල ලැබූවන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.

මෙම අනතුර සිදුව ඇත්තේ ඔඩිෂා ප්‍රාන්තයේදීයි.

කොල්කටා සිට චෙන්නායි දක්වා ධාවනය වෙමින් තිබූ අධිවේගී දුම්රිය, පීලි පැන එහි මැදිරි කිහිපයක් ප්‍රතිවිරුද්ධ දුම්රිය මාර්ගය මතට වැටී තිබෙනවා.

අනතුරුව එහි ගැටී ඇත්තේ කොල්කටා දක්වා ධාවනය වෙමින් තිබූ තවත් දුම්රියකුයි.

එමෙන්ම ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ තවත් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ද මින් අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරට ලක්වූවන් සොයා දැවැන්ත මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

මෙම දුම්රිය අනතුර සැළකෙන්නේ මෙම සියවස තුළ ඉන්දියාවේ දරුණුතම දුම්රිය අනතුර ලෙසයි.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »