වික්ටෝරියා ගුරුවරුන්ගේ මානසික ගැටලු ඉහළට – 47% ක් විශ්‍රාම ගන්න යයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරුවරුන් විශ්‍රාම යාමෙන් පසු මානසික සෞඛ්‍ය සඳහා ප්‍රතිකාර ගැනීම කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබෙනවා.

ගතවූ වසර 04 තුළ සෞඛ්‍ය ගාස්තු පිළිබඳ තොරතුරු සළකා බලමිනුයි Worksafe Victoria විසින් මෙම දත්ත අනාවරණය කර ඇත්තේ.

ප්‍රාථමික සහ ද්වීතීයික පාසල්වල සේවය කල විශ්‍රාමික ගුරුවරුන් විසින් 2019 වසරේදී ඉදිරිපත් කර තිබූ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර වන්දි ඉල්ලීම් සංඛ්‍යාව 166 ක්.

කෙසේවෙතත් පසුගිය වසරේදී එය 241 දක්වා ඉහළ ගොස් ඇති බවයි නවතම සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

සාමාන්‍ය ජනතාව අතුරින් ආතතියෙන් පෙළෙන සංඛ්‍යාව සියයට 11.4 ක් වුවද ගුරුවරුන් අතර එම ප්‍රතිශතය සියයට 59.7 ක් වැනි ඉහළ අගයක් ගනු ලබනවා.

මේ අතර ඉදිරි මාස 12 තුළදී තමන් ගුරු වෘත්තියෙන් සමුගන්නා බවට ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය සියයට 47 ක් බවයි පැවසෙන්නේ.

එය 2021 වසර හා සැසඳීමේදී සියයට 14 ක ඉහළයාමක් ද වනවා.

සමීක්ෂණයට ලක්කර ඇති ගුරුවරුන් 4,000 කට ආසන්න පිරිසෙන් සියයට 60 ක් පමණ කුමන හෝ සෞඛ්‍ය ගැටලුවක් මත මාසයකට එක් වරක් හෝ නිවාඩු ලබාගන්නා බවද අනාවරණය වී තිබෙනවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »