වික්ටෝරියා නව කැමරා සක්‍රීය කර මාසයක් තුළ 3,000 කට අවවාද

වික්ටෝරියා ප්‍රාන්තයේ නව රථවාහන කැමරා සක්‍රීය කර මාසයක් තුළ විවිධ වැරදි සම්බන්ධයෙන් රියදුරන් 3,000 කට ආසන්න පිරිසකට අවවාද කර තිබෙනවා.

ඉන් බහුතරය ආසන පටි නොපැළඳ රිය ධාවනය සහ දුරකථන භාවිත කරමින් රිය පැදවීමට අදාළව බව සඳහන්.

ආසන පටි නොපැළඳ රිය ධාවනය කල රියදුරන් 1,500 කට ආසන්න පිරිසක් – වාහනයේ ඉදිරිපස ගමන් කල 225 දෙනෙකු මෙන්ම ජංගම දුරකථන භාවිත කරමින් රිය පැදවු 1,200 කට ආසන්න පිරිසක්ද මේ අතර වනවා.

මෙම කැමරා සඳහා කෘත්‍රීම බුද්ධිය තාක්ෂණය යොදා ගැනීමද විශේෂත්වයක්.

ඉදිරියේදී වික්ටෝරියා ප්‍රාන්තය පුරා තවත් කැමරා 200 කට ආසන්න සංඛ්‍යාවක්ද ස්ථාපිත කිරීමටයි නියමිතව ඇත්තේ.

දැනට මෙම නීති කඩ කරන පුද්ගලයන්ට අවවාද කිරීමක් පමණක් නිකුත් කෙරුණද ලබන පළමුවනදා සිට ඔවුන්ට ඩොලර් 577 ක දඩයක් සහ අප්‍රසාද ළකුණු 04 ක් නියම කෙරෙනු ඇති.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »