
ලබන ජූලි 03 වනදා සිට ලිපි සහ පාර්සල් බෙදා හැරීමේ ගාස්තු සියයට 10 කින් ඉහළ නැංවීමට Australia Post තීරණය කර තිබෙනවා.
ඉහළ යන උද්ධමනය හමුවේ මෙම තීරණය ගැනීමට සිදුවූ බවයි ඔවුන් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.
මේ අනුව කුඩා ප්‍රමාණයේ පාර්සලයක් බෙදා හැරීමේ ගාස්තුව ඩොලර් 10.60 දක්වාද – විශාල ප්‍රමාණයේ පාර්සලයක් බෙදා හැරීමේ ගාස්තුව ඩොලර් 21.95 දක්වාද ඉහළ යනු ඇති.

විදේශීය තැපැල් ප්‍රවාහන ගාස්තුද මීට වඩා වැඩි අගයකින් ඉහළ දැමීමට සිදුවන බව Australia Post සඳහන් කර සිටිනවා.
පසුගිය මාත 06 සඳහා පමණක් ලිපි බෙදාහැරීමේදී Australia Post විසින් වාර්තා කර තිබුූ අලාභය ඩොලර් මිලියන 190 ක්.

මෙම මූල්‍ය වර්ෂය තුළදීත් අඛණ්ඩව අලාභයක් වාර්තා කිරීමට සිදුවිය හැකි බව ඔවුන් පුරෝකථනය කර සිටිනවා.