
අද දින වික්ටෝරියා ප්‍රාන්තයේ සමහර ප්‍රදේශයන්ට ගිගුරුම් සහිත වැසි! ඇදුම රෝගීන්ට අනතුරු ඇඟවීම්!
Thunderstorm asthma conditions to strike Melbourne, regional Victoria
ඉදිරියේදී ඇති විය හැකි භයානක කාලගුණය හේතුවෙන් වික්ටෝරියා හි සමහර ප්‍රදේශවල ඇදුම රෝගීන් ගෘහස්ථව රැඳී සිටින ලෙසට අනතුරු අඟවා ඇත.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් හි අවදානම් ප්‍රදේශ ලැයිස්තුගත කර ඇති අතර ප්‍රාන්තයේ උතුරු හා බටහිර ප්‍රදේශවල දැඩි අවධාන ප්‍රදේශ ලෙස හඳුන්වා ඇත.
නිරිතදිග, Wimmera, Mallee සහ උතුරු ප්‍රදේශයන් හි වෙසෙන ඇදුම රෝගීන් හට අවදානම ඉහළ මට්ටමක පවතින බව පවසා ඇති අතර හැකි සෑම විටම ඔවුන් ගෘහස්ථව සිටිය යුතුය.

මෙල්බර්න්, උතුරු මැද හා බටහිර සහ දකුණු ගිප්ස්ලන්ඩ් හි අය මධ්‍යස්ථ අවදානමක් ඇති අතර ඊසානදිග හා නැගෙනහිර ගිප්ස්ලන්ඩ් හි සිටින අය අඩු අවදානමක් ඇත.
මෙම අහිතකර කාලගුණික තත්වය හේතුවෙන් අධික සුලං තත්වයක් බලාපොරොත්තු වන බව සඳහන් වන අතර මේ නිසා මල් පරාග විශාල ප්‍රමාණයක් විසිරී යන අතර එය ඇදුම හෝ hay fever ඇති අයට බරපතල ලෙස බලපායි. විශේෂයෙන් ඇදුම රෝගීන් සඳහා එය මාරාන්තික විය හැකිය.
වැඩි විස්තර: Loading Tweet