ක්වීන්ස්ලන්ඩ් Parking හිග දඩ එකතුව $ මිලියන 43 ක්

ක්වීන්ස්ලන්ඩ් රියදුරන් සහ සමාගම් විසින් වාහන ගාල් කිරීම්වලට අදාළව ගෙවීමට පවතින රථවාහන දඩ මුදල්වල එකතුව ඩොලර් මිලියන 43 කට ආසන්න බවට ගණන් බලා තිබෙනවා.

දඩ පත්‍රිකා 305,000 කට පමණ අදාළව මෙම දඩ මුදල් ගෙවීමට ඉතිරිව පවතින බවටයි හඳුනාගෙන ඇත්තේ.

එක් පුද්ගලයෙකු හෝ සමාගමක් විසින් ඩොලර් 35,000 ක දඩයක් ගෙවීමට පවතින බවටද අනාවරණය වී තිබෙනවා.

ඒ දඩ පත්‍රිකා 274 කට අදාළවයි.

පසුගිය වසරේ මෙම වකවානුව වනවිට හිගව පැවති රථවාන දඩ මුදල්වල එකතුව ඩොලර් මිලියන 40.8 ක් වූ අතර 2021 දී එය ඩොලර් මිලියන 44 කට ආසන්නව පැවතුණා.

ක්වීන්ස්ලන්ඩ් හි වැඩිම දඩ මුදලක් ගෙවීමට සිටිනුයේ බ්‍රිස්බන් හි පදිංචිකරුවන් වන අතර ඔවුන් ගෙවීමට පවතින දඩ මුදලෙහි එකතුව ඩොලර් මිලියන 12.6 ක්.

ගෝල්ඩ් කෝස්ට් නගරවාසීන් විසින් ඩොලර් මිලියන 11.16 ක දඩ මුදල් ගෙවීමට ඉතිරිව පවතින බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »