ඔස්ට්‍රේලියාවේ තවත් ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමක ව්‍යාපාර කටයුතු අඩාල වී තිබෙනවා.
මෙල්බන් පොයින්ට් කුක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක A1A Homes සහ ඊට අනුබද්ධිත සමාගමක් වන A1A Commercial Builders මෙලෙස බංකොළොත් වී ඇති බව සඳහන්.
ක්වීන්ස්ලන්ඩ් – ACT සහ ටස්මේනියා හැර අනෙකුත් සෑම ප්‍රාන්තයකම ඔවුන් විසින් නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙනවා.
වසර 15 ක අත්දැකීම් සමග ඔස්ට්‍රේලියාව තුළ වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගත් සමාගමක් ලෙසටයි A1A Homes සැළකෙන්නේ.
එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් – සිල්ලර අලෙවිසැල් සහ වාණිජ ගොඩනැගිලි රැසක ඉදිකිරීම් භාරව කටයුතු කරනු ලැබුවේද A1A Homes සමාගම විසිනුයි.
ගතවු මාස 02 ක කාලය තුළ බංකොළොත් තත්වයට පත්වූ ඔස්ට්‍රේලියානු ඉදිකිරීම් සමාගම් සංඛ්‍යාව 10 කට ආසන්න වී තිබෙනවා.