බටහිර ඔස්ට්‍රේලියා නව අගමැති ලෙස රොජර් කුක් පත් කිරීමට යෝජනා

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නව අගමැති ලෙස වත්මන් නියෝජ්‍ය අගමැති රොජර් කුක් පත් කිරීමට යෝජනා වී තිබෙනවා.

මාර්ක් මැක්ගෝවන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අගමැති තනතුර සඳහා ඉදිරිපත්වූ සෙසු සියල්ලන් තරගයෙන් ඉවත්වීමත් සමගයි ඔහුට මෙම අවස්ථාව ලැබී ඇත්තේ.

මේ අනුව බටහිර ඔස්ට්‍රේලියාවේ 31 වන අගමැතිවරයා බවට රොජර් කුක් පත්වන අතර නව කැබිනට් මණ්ඩලයක්ද ඔහු විසින් පත් කිරීමට නියමිතයි.

පාලක ලේබර් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වෙන අතර එහිදී නව අගමැතිවරයා සහ නියෝජ්‍ය අගමැතිවරයා නිල වශයෙන් තෝරා පත් කර ගැනීමටයි සැළසුම් යොදා ඇත්තේ.

රොජර් කුක් සඳහා බටහිර ඔස්ට්‍රේලියාවේ වෘත්තීය සමිති රැසක්ද මේ වනවිටත් සහය පළකර අවසන්.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »