ස්වදේශික හඩ යෝජනාව ෆෙඩරල් පාර්ලිමේන්තුවේදී පියවරක් ඉදිරියට

ස්වදේශික ජනතා හඩ නියෝජන ජනමත විචාරණ යෝජනාව ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වී තිබෙනවා.

රජයේ මෙන්ම ලිබරල් සන්ධානයේ බහුතරයක්ද ඊඨ පක්ෂව ඡන්දය භාවිතකර ඇති බව සඳහන්.

යෝජනාවට පක්ෂව ඡන්ද 121 ක් හිමිවූ අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 25 ක් පමණයි.

කෙසේවෙතත් නැෂනල්ස් පක්ෂය මෙන්ම ලිබරල් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු යෝජනාවට විරුද්ධවයි ඡන්දය භාවිත කරනු ලැබුවේ.

මේ අනුව සති 02 ක් ඇතුළත මෙම යෝජනාව සෙනෙට් සභාව වෙත යොමු කිරීමට නියමිතයි.

එහිදීද සම්මත වුවහොත් මහජන මත විමසීම සඳහා මෙම යෝජනාව ජනමත විචාරණයකට යොමු කෙරෙනු ඇති.

ඔස්ට්‍රේලියාව පැරදූ ඇෆ්ගනිස්ථානයට වාර්තාගත ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරදවා ඉතිහාසගත වන ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා. ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග අද පැවති තරගය ලකුණු 21කින් ජය ගැනීමත් සමගයි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළා. Rahmanullah Gurbaz පන්දු 49කින් වේගවත් ලකුණු

Read More »

T20 ලෝක කුසලානයේදී Pat Cummins ගෙන් යළිත් වාර්තාවක්

2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් අද සමත්වුණා.

Read More »

ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ක්‍රියාවක් නිසා අනාගතය ගැන අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියානු තරුණයින් අතර සාමාන්‍ය දුම් පානය අභිබවා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඇෆ්ගනිස්ථානයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ super 8 වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »