දරුවන් වෙනුවෙන් වැඩිම ඉතිරිය වික්ටෝරියා දෙමව්පියන්ගෙන්

පළමු වරට නිවසක් මිළදී ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු දෙමව්පියන් විසින් දරුවන්ට ලබාදෙන මුල්‍ය සහය ඉහළගොස් තිබෙනවා.

ඇතැම් දෙමව්පියන් දරුවාට වයස අවුරුදු 12 පමණ සිටම මුදල් එකතු කිරීම ආරම්භ කරන බවයි ෆයින්ඩර් ආයතනය විසින් සිදුකර ඇති සමීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ.

මෙලෙස වැඩිම මුදලක් එක් රැස් කරනුයේ වික්ටෝරියා ප්‍රාන්තයේ දෙමව්පියන් විසින් වන අතර ඔවුන් විසින් ලබාදෙන මුදලෙහි සාමාන්‍යය ඩොලර් 52,716 ක්.

දකුණු ඔස්ට්‍රේලියාවේ දෙමව්පියන් විසින් ඩොලර් 44,656 ක මුදලක් – නිවු සවුත් වේල්ස් දෙමව්පියන් විසින් ඩොලර් 40,191 ක මුදලක් එක් රැස් කරන බව සඳහන්.

කෙසේවෙතත් සමික්ෂණයට සහභාගී වූ දෙමව්පියන් අතුරින් සියයට 51 ක්ම පවසා ඇත්තේ තමන්ට වසරකට ඉතිරි කිරීමට හැකිවනුයේ ඩොලර් 1,000 ක් හෝ ඊට අඩු මුදලක් බවයි.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »