Search

මීටර් on නොකරන NSW ටැක්සි රියදුරන්ට $ 1,000 ක දඩයක්

කුළී ගමනාරම්භයේදී මීටරය ක්‍රියාත්මක නොකරන ටැක්සි රියදුරන්ට පණවන දඩය ඩොලර් 1,000 ක් දක්වා ඉහළ නැංවීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් අවධානය යොමු කර තිබෙනවා.

එය දැනට ඩොලර් 700 ක් ලෙස පවතින අතර මගී ආරක්ෂාව සළකා මෙම තීරණය ගැනීමට නියමිත බව සඳහන්.

මීටරය ක්‍රියාත්මක නොකරන ටැක්සි රථවල ඡායාරූප ගෙන නිසි පරිදි පැමිණිලි යොමු කරන්නැයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් මගී ජනතාවට දන්වා සිටිනවා.

එමෙන්ම පැය 24 පුරා ක්‍රියාත්මක 1800 500 410 යන දුරකථන අංකයටද එම පැමිණිලි ඉදිරිපත් කල හැකියි.

ටැක්සි අක්‍රමිකතා වැඩි වශයෙන් සිදුවන ප්‍රදේශ හඳුනාගැනීමට එමගින් හැකිවනු ඇති බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත ප්‍රවාහන බළධාරීන් අවධාරණය කරන්නේ.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »